සෞඛ්‍ය නිර්දේශයන්ට අනුකූලව දෙස් විදෙස් ගුවන් මගීන් සඳහා ගුවන්තොටුපොළ ජනවාරි මස අග දී විවෘත කිරීමට අපේක්ෂා කරන බව ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය ඇමැති ඩී.වී. චානක පවසනවා. එමෙන්ම නව සාමාන්‍යකරණයට අනුගත වෙමින්, සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කර කාර්යාල, ආයතන පවත්වාගෙන යෑම රජයේ අපේක්ෂාව බව ද ඇමැතිවරයා පෙන්වා දෙනවා.
මේ අතර පැවති උත්සවයකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සඳහන් කළේ විදෙස් සංචාරකයින් ඇතුළු සියලු වාණිජ ගුවන් යානා සඳහා ජනවාරි 22 වනදා සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමට පියවර ගන්නා බවයි. රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය පිළිබඳ අවධානය යොමුකරමින් සෞඛ්‍ය අංශවල විශේෂ අධීක්ෂණය යටතේ ගුවන්තොටුපොළ විවෘත කිරීමට කටයුතු කරන බවයි.
ගුවන් තොටුපොළවල් යලි විවෘත කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡා වට කිහිපයක්ම සංචාරක, සෞඛ්‍ය ආරක්ෂක යන අමාත්‍යාංශවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පසුගිය සති අන්තයේ පවත්වා ඇත.