ලොක්ඩවුන් නැති බස්නාහිර පළාතේ පාසැල් වල 11 ශ්‍රේණිය පමණක් ජනවාරි 25 සිට යලි ඇරඹේ

January 4, 2021 at 11:24 AM

බස්නාහිර පළාතේ හුදෙකලා කොට ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසැල් වල 11 ශ්‍රේණිය සඳහා පමණක් පාසැල් යලි විවෘත කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පිරිස් ප්‍රකාශ කර සිටිනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ බස්නාහිර පළාතේ හුදෙකලා නොකර ඇති ප්‍රදේශවල පිහිටි පාසැල් වල 11 ශ්‍රේණියේ සිසු සිසුවිය සඳහා වන පාසැල් කටයුතු මෙම මස 25 වෙනිදා සිට ආරම්භ කිරීමට සුදානම් බවයි.

පසුගිය වසරේ දී පැවැත්වීමට නොහැකි වූ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට අධ්‍යපාන අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර ඒ හේතුවෙන් හැකි ඉක්මනින් දිවයිනේ සියලුම පාසැල්වල 11 ශ්‍රේණියේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ බලාපොරොත්තුව වී ඇත.