රාජ්‍ය බැංකු 03ක් ඒකාබද්ධ කොට ජාතික සංවර්ධන බැංකු සංස්ථාවක් පිහිටුවයි

January 4, 2021 at 2:08 PM

ඉදිරියේ දී රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව (SMIB), නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථාව (HDFC) සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (PSB) ඒකාබද්ධ කරමින් ස්ථාපනය කිරීමට යෝජිත ජාතික සංවර්ධන බැංකු සංස්ථාව (NDBC) පිහිටුවීම සඳහා මහ බැංකුව රජය සමඟ සමීපව කටයුතු කරමින් පහසුකම් සැලසීම සිදුකරනු ලබන බව “පෙර දැක්ම 2021“ ‘2021 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති‘ ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් ප්‍රකාශ කර සිටියා.

තවද එය ශ්‍රී ලංකාවේ සංවර්ධන බැංකුකරණයේ නව යුගයක් බිහි කරනු ඇති බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.