මීගමුවට ඔබ්බෙන් වූ මුහුදේදී කෝටි 60ක මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට

January 4, 2021 at 12:16 PM

නාවික හමුදාව විසින් මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, බහුදින ධීවර යාත්‍රාවක ප්‍රවාහනය කරමින් තිබූ අයිස් නමැති මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, පසුගිය දා ගාල්ල දොඩංන්දූවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවක් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකි වූ අතර, එලෙසින්ම බටහිර නාවික විධානය විසින් මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ අද දින සිදු කළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර එහි උර 09 ක ප්ලාස්ටික් ඇසුරුම් හා පැකට් වශයෙන් සූක්‍ෂමව අසුරා ප්‍රවාහනය කරමින් තිබූ අයිස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 100 කට අධික ප්‍රමාණයක් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 80 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් කෝටි 60 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

12 DSC_5987.JPG

08 DSC_5902.JPG

07 DSC_5962.JPG

06DSC_7565.JPG

05 DSC_7539 copy.jpg

02 DJI_0015 copy.jpg

01 NHQ_1493 copy.jpg