මම ෆේල් උනාට බය නැහැ – කුසල් පෙරේරා (VIDEO)

January 4, 2021 at 11:39 AM

“මම ෆේල් උනාට බය නැහැ. මම ක්‍රීඩා කරන්නේ මගේ ගේම් එක” දකුණු අප්‍රිකාව සමග පැවති දෙවන ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිමේදී පන්දු 69 කදී ලකුණු 60 ක් රැස් කළ කුසල් පෙරේරා සඳහන් කර සිටිනවා.

” දකුණු අප්‍රිකාවේ තණතිලි ඉතා වේගවත්. එක වෙලාවකට පන්දුවේ ඉපිලිම අපි නොහිතන විදිහට තියෙනවා. මම හිතුවේ ගහන්න පුලුවන් විදිහට එන බෝලෙට හොදට ලකුණු ගන්න. ඒ නිසා මම ෆේල් උනාට බයක් ඇති වුනේ නැහැ. මම ක්‍රීඩා කරන්නේ මගේ ගේම් එක. අපිට දකුණු අප්‍රිකාවේ පිතිකරුවන්ට තර්ජනයක් දෙන්න හොදට පන්දු යවන්න ඕන.

ඒ නිසා අපේ පන්දු යවන්නන් හොද තැනට පන්දු යොමු කරලා ඔවුන්ට පීඩනයක් ගෙන දෙන්න අවශ්‍යයයි” කුසල් පෙරේරා දෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.