ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඉදිකෙරුණු ගාලු මුවදොර ඉදිරිපස බාලදක්ෂ මාවතේ නාගරික වන උද්‍යානය පසුගිය පසුගියදා ජනතා අයිතියට පවරනු ලැබුවා.
අක්කර 02 ක් පුරා විහිදී පවතින නාගරික වන උද්‍යානය අදියර 03කින් යුත් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවිණ. වැය කළ මුදල රුපියල් මිලියන 135 කි.
2020 ජුනි 15 දින ආරම්භ කළ ව්‍යාපෘතියේ වැඩ 2020 නොවැම්බර් මස 15 වන දින නිම කෙරුණා.
ව්‍යාපෘතිය නිර්මාණය, භූ දර්ශන උපදේශකත්වය හා ගෘහ නිර්මාණය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් සිදු කළ අතර ප්‍රධාන ව්‍යාපෘති කොන්ත්‍රාත්කරු ලෙස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව කටයුතු කර ඇත.