2020 ජනවාරි මස 02 වන දින මත්තල ගුවන් තොටුපලට SkyUp Airlines ගුවන් සමාගම විසින් රැගෙන ආ යුක්රේනියානු සංචාරකයින් 173 දෙනාගේ PCR පරීක්ෂණ අදාල හෝටලයේදී සිදු කල අතර කිසිදු කොරෝනා ආසාදිතයකු නැති බව PCR පරීක්ෂණයට අනුව සනාථ වී ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසනවා.
ඒ අනුව මෙතෙක් පැමිණි යුක්රේනියානු සංචාරකයින් 567 දෙනා අතරින් 02 පමණක් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර ඔහුන් එම හෝටල්වල වෙනම කාමර වල ප්‍රතිකාර ලබන බවයි ඔහු සඳහන් කර සිටින්නේ.
එසේම අද දින හතරවන ගුවන්යානාව දහවල් 02.15ට මත්තල ගුවන් තොටුපලට ළගාවීමට නියමිතව ඇත.