දේශීය ඖෂධයක් වන කංසා නීතිගත කරන ලෙස සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමය ඉල්ලා සිටී.
එම සංගමයේ උපදේශක වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා පැවසුවේ ලෝකයේ පවතින නීති වෙනස් වෙමින් යන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවා නීති ලිහිල් කර ඇති බවත්ය .
ඒ අනුව ලංකාවේ ද මේ පිළිබඳ නීති ලිහිල් කිරීම කාලෝචිත බවයි ඔහු පවසන්නේ .
ලංකා දේශීය වෛද්‍ය සංගමයේ සංවිධායක වෛද්‍ය වොෂින්ටන් නානායක්කාර මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර
“වේදනා නාශකයක් ලෙස මෙය වසර ගණනාවක සිට භාවිත කර තිබෙනවා එහි වටිනාකම රජය පහදා ගත යුතුයි රජයට මේ සඳහා නීති ලිහිල් කරන ලෙස අපි ඉල්ලනවා මෙය සමාජයට තර්ජනයක් නෑ.”
සමස්ත ලංකා දේශීය වෛද්‍ය සංගමයේ සභාපති පාරම්පරික වෛද්‍ය උපුල් දෑලබණ්ඩාර මහතා
“දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට සිදු වූ දැවැන්තම හානිය වන්නේ කංසා තහනම් කිරීම බවයි ඔහු පෙන්වා දෙන්නේ රෝග ගණනාවකටම ඖෂධයක් ලෙස මෙය භාවිතා වෙනවා ලෝක ඉතිහාසයේ ද සෑම අංශයක මෙම භාවිතා වී තිබෙනවා ඉන්දියාවේ ජනතා ව්‍යාපාරයක් ලෙසයි මෙය පවත්වාගෙන යන්නේ.”