යුක්රේන සංචාරකයින්ගේ යාල ගමන නිසා අමාරුවේ වැටුණු සෆාරි රියැදුරන් (VIDEO)

January 3, 2021 at 2:01 PM

යුක්රේන ජාතිකයන් පිරිසක් යාල වනෝද්‍යානයේ සංචාරයට රැගෙන ගිය ජීප් රථ රියදුරන් 27 දෙනා අද අලූයම නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

එම සංචාරයට එක් වූ ජීප් රථ රියදුරෙකු කියා සිටියේ යුද හමුදාව විසින් අද අලුයම පැමිණ තමන් ඇතුළු පිරිස නිරෝධායනය සඳහා යොමු කළ යුතු බවට දැනුම් දුන් බවයි.

ඉතා අඩු මිලකට සංචාරකයින් රැගෙන ගිය තමන්ට දින 14ක කාලයක් නිරෝධායනය කිරීම නිසා බලවත් අසීරු තාවයකට ලක්ව ඇති බවත් එලෙස සංචාරකයින් රැගෙන යන්නේ නම් නිරෝධායනය විය යුතු බවට පෙර දැනුම් දීමක් සිදුකර තිබුණා නම් තමන් ඇතුළු පිරිස ඊට එකඟ නොවන බවයි ඔවුන් කියා සිටින්නේ.