යුද හමුදාවේ මානුෂිය මෙහෙවර

January 3, 2021 at 10:57 PM

කරම්බයි හුසේනියා පුරම් හි පදිංචි මොහොමඩ් සාලිහු සිද්දි සුබෛරා හෘදයාබාධයකින් මියා ගියාය. 2021.01.03 දින භුමදානය කිරිමට නියමිතව තිබිණි. එහෙත් ඇයගේ සැමියා විදේශ රැකියාවක් නියැලි සිට පසුගියදා මෙරටට ආවත් නිරෝධායන ක්‍රියාවලිය නිසා මුල්ලතිව් කෙප්පපිලාවු හමුදා කඳවුරේ ස්වයං නිරෝධායනය වෙමින් සිටි.

මේ බව දැනගත් මුල්ලතිව් හමුදා කදවුරේ ස්ථානදිපති ඔහුගේ මග පෙන්විම යටතේ බිරිඳගේ අවමංගල්‍ය යාච්ඤාවයාවට සහභාගී වීම සඳහා ඔහුව ගෙනවිත්, එම යාච්ඤාවන් අවසන් වු පසු විෂබීජහරණය කර නැවත හමුදා කඳවුර. වෙත ඔහුව රැගෙන යන ලදී.

මේ මානුෂිය ක්‍රියාවින්තය සදහා මුල්ලතිව් යුධ හමුදා නිලධාරි තුමා ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි, මහජන සෞඛ්‍ය නිලධාරීන් සහ නොරොච්චල පොලිස් නිලධාරීන් සමග සාකච්ඡා කර ඉහත පුද්ගලයාට සිය බිරිදට අවසන් ගෞරවය දැක්විම සදහා ඉඩ සලසා දිම ගැන මුස්ලිම් සමාජය ප්‍රශංසා දක්වා සිටි.

මන්ද අදාහනයද භුමදානයද සම්බන්ධව ශ්‍රි ලාංකිය මුස්ලිම්වරුන්ගේ හිත් කඩතුලු වි ඇති මෙවැනි වකවානුවක මෙවැනි මානුෂියවාදී දේ සිදුවිම පලුදු වි ඇති සිත් සතන්වලට බලාපොරොත්තුවක් ගෙන දිමයි.

✍️කලීලුර් රහ්මාන්

Image may contain: one or more people, people standing, people walking and outdoor

Image may contain: one or more people, people standing and outdoor

Image may contain: one or more people, people standing and outdoor

Image may contain: one or more people, people standing and outdoor