කොටදෙණියාව කර්මාන්ත ශාලාවක සිදුවූ පිපිරීමකින් ඉන්දීය ජාතිකයෙක් ජිවිතක්ෂයට

January 3, 2021 at 10:27 AM

‪කොටදෙණියාව ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක බොයිලේරුවක සිදුවූ පිපිරීමකින් ඉන්දීය ජාතික සේවකයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.‬

‪මෙම පිපිරීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිටි තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.‬

‪සිද්ධිය සම්බන්ධයෙන් කොටදෙණියාව පොලිසිය වැඩිදුර විමර්ෂණ සිදුකෙරේ.‬