තමන් මහවැලි අමාත්‍යවරයා මෙන්ම හිටපු ජනාධිපතිවරයා ලෙස සිදුකරන ලද කළු ගඟ ජලාශය දැක බලා ගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ දිනයේදී සිදුකළ සංචාරය සම්බන්ධයෙන් තබා තිබු ෆේස්බුක් සටහනයි මේ,
” පලමු වතාවට අද වන විට කළු ගඟ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේ මට්ටමට (අඩි 211) ජලයෙන් පිරි ඇත. නිල්වන් එම ජල කද සියසින් දැකගැනීමට මා ඊයේ දිනයේ දී කළු ගඟ ජලාශය නිරීක්ෂණයට පැමිණීයෙමි.මෙය සියසින් දැකීම හදවතට සතුටකි.
මහවැලි යෝජනා ක්‍රමයේ කූටප්ප්‍රාප්තිය සනිටුහන් කරමින් මා එදා මහවැලි අමාත්‍යවරයා ලෙසත් රටේ ජනාධිපතිවරයා ලෙසත් මාගේ ධූර කාලය තුළදී මොරගහකන්ද, කළු ගඟ ජලාශ දෙක ඉදිකර අවසන් කිරීමට හැකිවීම ලක්ෂ ගණනක් රජරට ගොවි ජනතාවගේ කඳුළු කතාව අවසන් කිරීමට ඉවහල් විය.
පලමු වතාවට ඊයේ (2021/01/02) රාත්‍රියේදී වාන් දොරටුවක් විවෘත කොට කළු ගඟේ ජලය ගොවිබිම් කෙත්වතු සරුසාර කරන්නට මුදා හරින ලදී.
මුලින්ම කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය ක්‍රීයාත්මක කළ දිවංගත ගාමිණී දිසානායක මහතාද මා මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරමී. තව වසර දහස් ගණනක් මෙම ජලයෙන් මේ උතුම් මහපොළොව ශශ්‍රීක වේවායි මගේ ප්‍රර්ථනයයි”.