දිවයින පුරා පාසල්වල හය ශ්‍රේණියෙන් ඉහළ පන්තිවල ඉගෙනුම ලබන මිලියන 1.2කට අධික ශිෂ්‍යාවන් දින දෙකක කාලයක් පාසලට පැමිණීමෙන් වැළකී සිටින බව අධ්‍යාපන අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණයේ දී අනාවරණය වී තිබේ. ඒ එම සිසුවියන් සිය මානසික ඔසප් වීම හේතුවෙන් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සිදුකළ සමීක්ෂණයෙන් වැඩිදුරටත් හෙළිවී ඇත්තේ.
මේ හේතුවෙන් එම දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලටද බාධා එල්ල වන බව නිරීක්ෂණය කර ඇත. නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවලින් රජයේ පාසල්වලට පැමිණෙන ශිෂ්‍යාවන්ගෙන් සියයට 65ක් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වීම නිසා සනීපාරක්ෂක තුවා භාවිත නොකරන බවද හඳුනා ගෙන ඇත.
එම නිසා ශිෂ්‍යාවන්ගේ මානසික හා සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගෙන යෑම සඳහා පාසල් ශිෂ්‍යාවන්ට සනීපාරක්ෂක තුවා නොමිලේ ලබා දීමට රජය තීරණය කර තිබෙන අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඒකාබද්ධව මේ පිළිබඳව හෙට දිනයේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට තීරණය කර ඇත. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.