දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී පන්දු 69 කදී ලකුණු 60ක් ලබා ගනිමින් සිටියදී ශ්‍රී ලංකා පිලේ දෙවන කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරා දැවීයන අවස්ථාවේදී ඔහු විසින් වසර 116ක් පැරණි වාර්තාවක් බිඳ දැමීමට සමත්ව තිබෙනවා.
දිනයේ පළමු විවේක කාලය සඳහා තරගය නතර කරන අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 71ක් රැස් කර තිබු අතර කුසල් පෙරේරා ඒ වන විට ලකුණු 60 ක් රැස්කර ගෙන තිබුණා.
ශ්‍රී ලංකා පිලේ ලකුණු 71ක් ව තිබියදී Anrich Nortje ගේ පන්දුවකට උඩ පන්දුවක් ලබා දෙමින් කුසල් පෙරේරා දැවී යාමත් සමගම වසර 116ක් පැරණි වාර්තාව බිඳ වැටුණා. එක් පිතිකරුවෙකු ලකුණු 60 කට වඩා ලබා ගනිමින් සිටියදී දැවී යන විට කණ්ඩායමක් විසින් වාර්තා කර තිබු අවම ලකුණු එය වීම නිසායි.
මිට පෙර එම වාර්තාව පිහිටුවා තිබුනේ 1904 වර්ෂයේදී ය. ඒ එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව සමග පැවති ටෙස්ට් තරගයේදී එංගලන්ත පිතිකරු Johnny Tyldesley ලකුණු 62ක් ලබා ගෙන සිටියදී දැවී යන විට එංගලන්ත කණ්ඩායමේ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 74ක් ලෙසයි.
මේ අතර දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 156ක් පමණයි.
වැඩිම අවස්ථා ගණනකදී ලකුණු නොලබා දැවී ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයා කවුද ?