පෑලියගොඩ නව මැනිං වෙළෙද සංකීර්ණයේ සිදුකළ PCR පරීක්ෂණ මගින් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සත් දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.
අහඹු ලෙස තෝරා ගෙන සිදුකළ PCR පරීක්ෂණ වලදී මෙම කොරෝනා ආසාදිතයින් හඳුනා ගෙන ඇති අතර එලෙස හඳුනා ගෙන ඇත්තේ මැනිං වෙළෙද සංකීර්ණයේ ව්‍යාපාරිකයින් සහ භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි ගනුදෙනුකරුවන් බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මෙම PCR පරීක්ෂණ පසුගිය දෙසැම්බර් මස 30 වෙනිදා සිදුකළ බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කරන්නේ.
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පිටකොටුවේ පිහිටි මනිං වෙළෙඳ සංකීර්ණය පෑලියගොඩ ප්‍රදේශයට රැගෙන යාමට බලධාරීන් පියවර ගනු ලැබූ අතර එහි තොග ව්‍යාපාරික කටයුතු පමණක් සිදුකරනු ලබනවා.