විදේශගත වීමට පෙර සමුදෙන්න ගිය අයෙකු නිසා 06 දෙනෙකුට කොරෝනා ආසාදනය වෙයි

January 2, 2021 at 11:05 AM

විදේශගත වීමට පෙර සමුදෙන්න ගිය අයකු නිසා කොරෝනා වෛරසයට ගොදුරු වූ පුද්ගලයින් 6 දෙනකු සමග තවත් ආසාදිතයන් 13 දෙනකු ගම්පොළින් හමුව ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටිනවා.

මෙසේ ආසාදනයට ලක්ව ඇත්තේ ගම්පොළ නගරය ආශ්‍රිතව ජිවත් වන පුද්ගලයින් 13 දෙනෙකි. ඒ අතුරින් ඉල්ලවතුර ප්‍රදේශයේ 9 දෙනකුත් කහටපිටිය ඉලංගවත්ත ප්‍රදේශයේ එක් අයකු හා මහර හා ගම්පොළ වත්ත ප්‍රදේශයෙන් තිදෙනකුත් ලෙසය.

මේ වනවිට ඉල්ලවතුර ප්‍රදේශයේ පමණක් ආසාදිතයන් 18 දෙනකු හමු වී ඇති අතර ඒ විදේශගත වීමට ගිය අයකු හා කුකුළු මස් කඩ ආශ්‍රීතයින් ලෙසය.

ඉල්ලවතුර ප්‍රදේශයේ සිට මෙසේ විදේශගත වීමට ගිය තරුණයාට කළ පරීක්ෂාවේදී ඔහු ආසාදිතයකු බව හඳුනා ගැනීමෙන් පසු එම ප්‍රදේශයේ ඔහුගේ ආශ්‍රීතයින් නිරෝධායනයට ලක් කර සිදු කළ පරීක්ෂාවේදී මොවුන් හමුව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

එසේම ඉල්ලවතුර ප‍්‍රදේශයේදී සොයා ගත් අනෙකුත් ආසාදිතයන් සමග ගම්පොළ නගරයේ කුකුළු මස් වෙළෙඳසල් ආශි‍්‍රතව මේ වනවිට ආසාදිතයන් 40 දෙනකු හමු වී තිබේ.

(දිවයින පුවත්පත)