යුද හමුදාපති හා ආරක්ෂක ලේකම්ට දුන් උසස් වීම ගැන ෆීල්ඩ් මාර්ෂල් ගේ අදහස (VIDEO)

January 2, 2021 at 10:43 AM

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනරාල් ධුරයට උසස් කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නොමැති බවත් තමන් ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධයෙන් පිළිබඳ පැවති අයවැය විවාදයේදී වත්මන් යුද හමුදාපතිවරයාට උසස් වීමක් ලබා දිය යුතු බවට ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රකාශ කර සිටිනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

” වත්මන යුද හමුදාපතිවරයාව ජනරාල් ධුරයට උසස් කිරීම සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැහැ. ඒ වගේම තව ආඥාපතිවරු සිටිනවා තරු දෙකේ ජනරාල් ධුරය දරන අය. ඔවුන්ව තරු තුනේ ජනරාල් ධුරයට උසස් කරන්න පුළුවන්. එහෙම සිදුකරන්න ඕන.

ඒ වගේම ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න ජනරාල් ධුරයට උසස් කිරීම සම්බන්ධයෙන් අපි දකින්නේ එය දේශපාලනික උසස් කිරීමක් කියලයි. මොකද තරු දෙකේ ජනරාල් ධුරය දරමින් විශ්‍රාම ගිය තවත් හමුදා නිලධාරීන් පිරිසක් ඉන්නවා.

ඒ වගේම අනෙක් නාවික සහ ගුවන් හමුදාපතිවරුන්වත් ඊලඟ නිලයට උසස් කිරීම සිදුකළ යුතුයි” ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කියා සිටියා.

Video :

https://fb.watch/2LKy7LLodc/