කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයන්ගේ මෘතදේහ මෙරට තුළ භූමදානය කිරීමෙන් ගැටළුවක් මතු නොවන බව ශී‍්‍ර ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.
එම මෘත ශරීර මෙරට තුළ භූමදානය කිරීම පිළිබද විවිධ මතවාද පැතිරීම හේතුවෙන් සිය සංගමය කළ විශේෂඥ විශ්ලේශණය අනුව ඒවා භූමදානය කිරීමෙන් සෞඛ්‍යම ගැටළුවක් මතු නොවන බවට හෙළිවී තිබෙන බවයිි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
තම මතය කඩිනමින් වගකිව යුතු පාර්ශව වෙත දැන්වීමට බලාපොරොත්තු වන බවත් මාධ්‍ය හමුවේද ඉදිරියේදී සිය මතය ප‍්‍රකාශ කරන බවද ඇය සඳහන් කළා.
මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීමෙන්, එම දේහය මගින් අදාළ වෛරසය ජලයට මිශ‍්‍ර වන බව හෝ එමගින් වෙනත් අයෙකුට වෛරසය බෝවීමේ හැකියාවක් නොමැති බව ශී‍්‍ර ලංකා ප‍්‍රජා වෛiවරුන්ගේ සංගමය ඉකුත්දා ප‍්‍රකාශ කළා.
එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ පැවසුවේ වෛරස් විද්‍යාඥයින්ද ඒ බව තහවුරු කළ බවයි. මේ අතර මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 208 ක් වනවා.