කුසල් මෙන්ඩිස් ගේ අංක 03 පිතිකරණ ස්ථානයේ වෙනසක් සිදුකරනවා – නායක දිමුත් කරුණාරත්න

January 2, 2021 at 8:15 PM

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේදී කුසල් මෙන්ඩිස් ගේ පිතිකරණ ස්ථානයේ වෙනසක් සිදුකිරීමට නියමිත බව නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කර සිටිනවා.

හෙට ඇරඹෙන දෙවන ටෙස්ට් තරගයේදී අංක -03 පිතිකරණ ස්ථානය සඳහා ලහිරු තිරිමාන්න ක්‍රීඩා කිරීමට නියමිතයි, කුසල් අංක 04 පිතිකරු හැටියට ක්‍රීඩා කරයි. තිරිමාන්න තාක්ෂණයෙන් පිරිපුන් පිතිකරුවෙක්. ඔහුව අංක 03 ස්ථානයේ ක්‍රීඩා කිරීම වැදගත් වනවා යැයි වාර්තාකරුවන් සමග එක්වෙමින් ශ්‍රී ලංකා නායකයා කියා සිටියා.

දකුණු අප්‍රිකාවට එරෙහිව දෙවන ටෙස්ට් තරගය සඳහා දිනේෂ් චන්දිමාල්, ලහිරු කුමාර, ධනංජය සිල්වා, ඔෂද ප්‍රනාන්දු සහ කසුන් රාජිතගේ සේවය අපිට අහිමිවෙලා තිබෙනවා. ඔවුන්ගේ ආබාධයන් හේතුවෙන්. අපි බලාපොරොත්තු වෙනවා අද සවස පැවැත්වෙන අවසන් පුහුණුවීම් වලදී සුරංග ලක්මාල් සහ වනිදු හසරංග ඔවුන්ගේ ශාරීරක යෝග්‍යතා සම්පුර්ණ කරයි කියලා.
එහෙම වුනොත් ඔවුන් හෙට තරගයට ක්‍රීඩා කරාවි, නායක දිමුත් වැඩිදුරටත් කියා සිටියා.