අනාවැකි අසත්‍ය වීම ගැන කෝපවූ චන්ද්‍රසිරි බණ්ඩාර (VIDEO)

January 2, 2021 at 1:56 PM

2015 ජනාධිපතිවරණයේදී වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ජයග්‍රහණයක් ලැබෙනු ඇතැයි තමන් අනාවැකි පළ කලේ එතුමාට ඇති ආදරය නිසා බව කීර්තිමත් ජ්‍යෝතිෂවේදියෙකු වන චන්ද්‍රසිරි බණ්ඩාර ප්‍රකාශ කර සිටිනවා.

2015 වර්ෂයේදී පැවති ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති නොවුනහොත් තමන් වෙඩි තබා ගන්නා බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී, චන්ද්‍රසිරි බණ්ඩාර ගේ ‘අසාර්ථක’ අනාවැකිය සහ එවැනි අනාවැකි වල විශ්වසනීයත්වය පිළිබඳව මාධ්‍යවේදියෙකු සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු ඉතා කෝපයෙන් බැන වැදුනේ මේ අයුරින්.