අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් ස්ථාවර මිලක් යටතේ පවත්වා ගෙන යාමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව සහල්, පිටි, සීනි, පරිප්පු, ලූණු, කඩල, හාල්මැස්සන්, ටින් මාළු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර වර්ග 10ක් මෙලෙස ස්ථාවර මිලක් යටතේ මාස 6 ක කාලයක් පාරිභෝගිකයින් වෙත අලෙවි කරන බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.
ස්ථාවර මිලක් යටතේ අත්‍යවශ්‍ය ආහාර වර්ග සැපයීමට හැකි සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීම ඉදිරි දිනවල සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
පෙබරවාරි මාසයේ සිට ස්ථාවර මිළකට මෙම අත්‍යවශ්‍ය ආහාර වර්ග දහය දිවයින පුරා පිහිටි සතොස සහ සමුපකාර අලෙවි සැල් මගින් පාරිභෝගිකයින් වෙත අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මිහින්තලය ප‍්‍රදේශයේදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.