අබලන්වීම නිසා ධාවනයෙන් ඉවත් කර තිබූ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 273ක් අලුත්වැඩියා කොට නැවත මගී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොර පිටියේ දී සිදු විය.
දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා මේ බස් රථ යොදා ගනු ලැබේ.
බිඳ වැටී තිබූ ආර්ථිකය යළි ගොඩනැගීම සඳහා නව රජය බලයට පත්වීමෙන් පසු වාහන ආනයනය සීමා කිරීම නිසා මගී ප්‍රවාහනය සදහා ඇතිවූ බස් රථ හිඟය ට පිළියමක් ලෙස මේ ව්‍යාපෘතිය අරඹා ඇත.