පළා ගිය එක් කොවිඩ් ආසාදිත රැඳවියෙකු සොයා ගැනේ

December 31, 2020 at 3:54 PM

අද අලුයම් කාලයේ දී පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය කොවිඩ් ආසාදිත එක් රැඳවියෙකු මාදම්පේ ප්‍රදේශයේ දී සොයා ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

මිගමුව බන්ධනාගාරයේ සිටියදී කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම් කාලයේදී රැඳවියන් පස් දෙනෙකු පළා ගොස් තිබුණා.

එලෙස පළා ගිය රැඳවියන් සොයා මේ වන විට පොලිසිය සහ යුද හමුදාව විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.