මුහුද ගොඩ ගැලීමෙන් අද (31) දින අලුයම් කාලයේදී පුත්තලම, මුතුපන්තිය දුපතේ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වනවා. වාර්තා වන පරිදි මුහුදු රළ අඩි 3-4ක් පමණ උසකින් යුතුව එකවර කඩා වැදී ඇත.
රළ පහර හේතුවෙන් මුතුපන්තිය දුපතේ පිහිටි සුසාන භුමිය සම්පුර්ණයෙන් ජලයෙන් යටවී ඇත.
ප්‍රචන්ඩ රළ පහර හේතුවෙන් මුතුපන්තිය දුපත ආරක්ෂාවට යොදා තිබු ගල් වැටිද මුහුදට ගසා ගෙන යාම සිදුව ඇති බවයි ධීවයින් සඳහන් කරන්නේ.
(දිවයින පුවත්පත)