මහව නගරයේදී පොලිස් නිලධාරියෙකුට පිහියෙන් අනී : තුවාල ලැබූ නිලධාරියාට බරපතලයි

December 31, 2020 at 8:45 AM

මහව නගරයේදී රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකුට පිහියෙන් ඇණිම හේතුවෙන් බරපතල තුවාල ලබා නිකවැරටිය රෝහලට ඇතුලත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

මේ වන විට එම පොලිස් නිලධාරියා ශල්‍යකර්මයකට භාජනය කොට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඊයේ රාත්‍රියේදී මහව නගරයේ මුර සංචාරයේ යෙදි සිටියදී සැකකටයුතු ලෙස නගරයේ ගැවසුණු පුද්ගලයින් සිව්දෙනෙකු පරික්ෂා කිරීමට යාමේදී මෙලෙස එම කණ්ඩායමේ සිටි එක් පුද්ගලයෙකු පොලිස් සැරයන්වරයාට පිහියෙන් ඇන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අතර පොලිස් නිලධාරියාට පිහියෙන් අනිණු ලැබූ සැකකරුද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

මේ වන විට අනෙක් සැකකරුවන් දෙදෙනා සොයා මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියා.