ඇමෙරිකාවේ Pfizer එන්නත ලබාගත් පිරිමි හෙදියකට කොවිඩ් ආසාදිත වේ!

December 30, 2020 at 6:33 PM

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හෙද සේවයේ නියුතු තැනැත්තෙකුට pfizer එන්නත ලබාගෙන සතියකට පමණ පසු කොවිඩ් ආසාදිත වීමේ පුවතක් ABC මාධ්‍ය වාර්තා කර ඇත.

එම වාර්තාව රොයිටර් පුවත් සේය මගින් ද උපුටා දක්වා තිබේ.

අදාල වාර්තාවේ දැක්වෙන්නේ දෙසැම්බර් 18වැනිදා ඇමෙරිකානු pfizer එන්නත ලබාගත් මෙම හෙද සේවකයා ඊට දින කීපයකට පසු රෝගලක්ෂණ පෙන්නුම් කර ඇති බවයි.

නත්තල් දිනට පෙරදා ඔහු කොවිඩ් ආසාදිත බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.

කෙසේ වෙතත් ඇමෙරිකානු වෛද්‍ය විශේෂඳ මතය වන්නේ pfizer එන්නත එක් වරක් ලබා ඝනීමෙන් ලද හැකි වන්නේ 50%කට ආසන්න රැකවරණයක් බවයි.

සම්පූර්ණයෙන් 95%ක රැකවරණයක් ලැබීමට එය අදාල මාත්‍රා දෙකම ලබාගත යුතු බව එම වාර්තා වල දැක්වේ.