කොවිඩ් -19 පරීක්ෂණ වාර්තා ලබාගැනීමට අවශ්‍ය P.C.R. යන්ත්‍රයක් මිලදී ගැනීමට කටයුතු කරන ලෙස දන්වමින් විශ්‍රාමික සිවිල් ඉංජිනේරුවරයෙකු වන පී.එච්.ඩී.වෛද්‍යතිලකවිසින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත රුපියල් ලක්ෂ 70 ක පෞද්ගලික ධන පරිත්‍යාගයක් සිදු කර තිබෙනවා.
ඊට අදාල චෙක්පත පී.එච්.ඩී.වෛද්‍යතිලක මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත අද දින (30) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ලබාදෙන ලද අතර, සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් එම චෙක්පත සෞඛ්‍ය සංවර්ධන අරමුදලට බැර කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ වෙත භාර දී තිබෙනවා.