කොවිඩ් පැතිර ගිය කළුතර ආසාදිතයින් 5 ට බසී. බස්නාහිරෙන් බැහැර දිස්ත්‍රික්ක දෙකක ආසාදිතයින් වැඩිවීමක්

December 30, 2020 at 8:08 AM

අටලුගම ප්‍රදේශය සහ බේරුවල ඇතුළුව පසුගිය දිනවල කොවිඩ් ව්‍යාප්තිය හේටුවෙන් කතාබහට ලක් වූ කලුතර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ගණන 5දක්වා පහළ බැස ඇත.

ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක වලද ආසාදිතයින් වාර්තා  වීම අඩු වන තත්ත්වයක් පෙන්නුම් කරයි

කෙසේ වෙතත් මහනුවර සහ ගාල්ල  දිස්ත්‍රික්ක වල කොවිඩ් ආසාදිතයින් ගණන ඉහල අගයක් ගෙන ඇති අතර ඒවා කොළඹින් බැහැර දිස්ත්‍රික්ක වීමත් විශේෂත්වයකි .

මේ අතර මෙරටට ආ විදේශිකයින් ති දෙනෙකුද කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබේ.