කොළඹ, කොල්ලුපිටිය ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක පහත මාලයට ජලය රැස්වීම හේතුවෙන් එහි සිටි සේවකයෙකු මියගොස් තවත් පුද්ගලයින් 05 දෙනෙකු දිවි බේරා ගැනීමට සමත්වී ඇති බව පොලිසිය පවසනවා.
ඊයේ සවස් කාලයේදී ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එක්වරම මෙම ගොඩනැගිල්ලේ පහත මාලයට ජලය ගලාගෙන විත් තිබෙනවා. මෙම පහත මාලයේ ගොඩනැගිල්ල ඉදිකිරීමේ කටයුතුවල නිරතවී සිටින සේවකයින් නවාතැන් ගන්නා ස්ථානය වන අතර එහිදී පස් දෙනෙකු ඉහළ මාලයට නැගී දිවි බේරා ගැනීමට සමත්ව තිබෙනවා.
කෙසේ වුවත් නින්දේ පසුවූ තවත් එක් සේවකයෙකු සිද්ධියෙන් මියගොස් ඇති අතර ඔහුගේ සිරුර අද දින උදෑසන සොයා ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කරන්නේ.