කොරෝනා ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පත්කළ කමිටු වාර්තාව අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට නියමිතව තිබෙනවා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ අදාළ වාර්තාව සකස්කර අවසන් බවට කමිටුව විසින් දැනුම් දී ඇති බවයි.
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ දේහය ආදාහනය කරන්නේද භූමදානය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තාවක් ලබාදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සාමාජිකයින් 09 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත්කරනු ලැබුවා.
මහාචාර්ය ජෙනිෆර් පෙරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කමිටුව විසින් ඒ පිළිබඳව සිදුකළ අධ්‍යයනයෙන් අනතුරුව ඊට අදාළ වාර්තාව සකස්කර ඇත.
ඒ අනුව අදාළ වාර්තාව අද දිනයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබෙනු ඇති බව වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.