කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිට මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන ශ්‍රී ලාංකිකයන් 2500 කට ආසන්න සංඛ්‍යාවක් අද දින සිට 2021 ජනවාරි 09 දක්වා නැවත මෙරටට ගෙන්වා ගැනීමට රජය අපේක්ෂා කර සිටිනවා.
එලෙස යලි ගෙන්වා ගැනෙන ලාංකිකයින් සමබන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති ගුවන් ගමන් වාර පහත දක්වා ඇත:
දෙසැම්බර් 30: පුද්ගලයින් 305 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්
දෙසැම්බර් 31: පුද්ගලයින් 290 දෙනෙකු ඉන්දියාවේ චෙන්නායි සිට
ජනවාරි 01: ඕස්ට්‍රේලියාවේ සිට පුද්ගලයින් 290 ක්
ජනවාරි 03: පුද්ගලයින් 340 දෙනෙකු කුවේටයෙන්
ජනවාරි 05: කැනඩාවෙන් 100 ක්, කටාර් සහ රුමේනියාවෙන් 290 දෙනෙක්
ජනවාරි 07: සයිප්‍රස් සිට පුද්ගලයින් 260
ජනවාරි 08: 290 දෙනෙකු ඕස්ට්‍රේලියාවෙන්
ජනවාරි 09: එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 290 දෙනෙකු
නැවත මෙරටට ගෙන්වා ගන්නා සියලු දෙනා කටුනායක ගුවන්තොටුපළට පැමිණි පසු PCR පරීක්ෂණවලට භාජනය වන බවත්, දින 14 ක අනිවාර්ය නිරෝධායන කාල සීමාවකට භාජනය කිරීම සඳහා හමුදාව විසින් මෙහෙයවනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවන බවයි අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවේ.
නිල සංඛ්‍යාලේඛනවලට අනුව මේ දක්වා රටවල් 137 කින් ශ්‍රී ලංකාව 59,377 ක් ආපසු ගෙන්වා ගෙන තිබේ.
මැදපෙරදිගින් 26,812 කට ආසන්න සංඛ්‍යාවක්, නැගෙනහිර ආසියාවෙන් 12,005 ක්, දකුණු ආසියාවෙන් 10,033 ක්, එක්සත් රාජධානියෙන් හා යුරෝපයෙන් 5,484 ක්, අප්‍රිකානු කලාපයෙන් 2026 ක්, උතුරු ඇමරිකාවෙන් 2,124 ක්, රුසියාවෙන් 1,605 ක් සහ ශ්‍රී ලාංකිකයන් 189 ක් ආපසු මෙරටට ගෙන්වා ඇත ලතින් ඇමරිකාවෙන්.
අමාත්‍ය නාමල් රාජපක්ෂ තවදුරටත් කියා සිටියේ දෙසැම්බරයේ පමණක් ශ්‍රී ලාංකිකයන් 11,323 ක් නැවත මෙරටට ගෙන්වා ඇති බවයි.
මෙම සංඛ්‍යාලේඛන 12,395 ක් දක්වා ඉහළ යනු ඇතැයි රජය අපේක්ෂා කර සිටියි. දෛනිකව විදේශයන් හි සිටින ලාංකිකයින් 400 දෙනෙකු අවම වශයෙන් මෙරටට් යලි රැගෙන ඒමට රජය බලාපොරොත්තුවෙන් සිටියි.
විදේශයන්හි සිරවී සිටින ලාංකික ගෘහ සේවිකාවන් ඇතුළු ශ්‍රී ලාංකික පුරවැසියන්ට ආරක්ෂිතව ආපසු පැමිණීම ඔවුන්ගේ විශාලතම ප්‍රමුඛතාවය ලෙස රජය අඛණ්ඩව ඉදිරියට යන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවා.