පළාත් සභා අහෝසි කරන්න ඉන්දියාවෙන් අහන්න වෙයි (VIDEO)

December 30, 2020 at 8:52 AM

පළාත් සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත්තේ පවතින කොවිඞ් වසංගත තත්ත්වය හා මහා සංඝරත්නයේ ඉල්ලීම මත පළාත් සභා මැතිවරණය කල්දැමීමටයි.

ඊයේ පැවති පක්ෂ නායක රැස්වීම අවසානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ කාලයක් ගතවී හෝ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවධානය යොමු කළ යුතු බවයි.

එසේ නොමැතිව පළාත් සභා ක්‍රමය සම්පුර්ණයෙන් අහෝසි කිරිමට නම් ඉන්දියාව සමග සාකච්ජා කළ යුතු බවත් නැත්නම් ඉදිරියේදී තවත් ගැටළු වලට මුහුණ දීමට සිදුවනු ඇති බව ඔහු ප්‍රකාශ කර සිටියා.

මෙම පක්ෂ නායක රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයින් ද පැමිණ සිටි අතර සිය ගැටළු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග්‍රාමාතයවරයා හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ද අවධානය යොමුවූ බවයි ඊට එක්වූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසුවේ.