මෙරට සංචාරය සඳහා පැමිණි තවත් යුක්‍රේන ජාතික සංචාරකයින් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඒ අනුව වෛරසය ආසාදනය වූ සමස්ත යුක්‍රේන සංචාරකයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.
අද දිනයේ දී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 639 දෙනෙකු වාර්තා වී ඇත. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 42,702ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දැනට රෝහල් ගතව සිටින සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 7,884ක් වන අතර සුවය ලබා ඇති පිරිස 34,623ක් වනවා.