කහ කිලෝ 21,000ක් ගිනි තබා විනාශ කෙරේ (VIDEO)

December 30, 2020 at 2:18 PM

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් හුංගම කලමැටිය ධීවර වරායට ගෙන්වා තිබිය දී පොලිස් අත්අඩංගුවට ගත් කහ තොගයක් ඊයේ (29) රාත්‍රීයේ ගිනි තබා විනාශ කර ඇත.

මෙම කහ තොගය පසු ගිය 27වනදා පොලිස් බාරයට ගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අඟුණකොළපැලැස්ස අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

පසුව එම කහ තොගය නිරෝධායනය නීති යටතේ අම්බලන්තොට ලුණම අදාහනාගාරයේදී එලෙස ගිනි තබා විනාශ කළ බව පොලීසිය පවසයි.

කහ කිලෝ 21,900ක ප්‍රමාණයක් එලෙස ගිනි තබා විනාශ කොට ඇත.