දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොටසක් අලි කොරිඩෝවක් නිර්මාණය කිරීම වෙනුවෙන් පාළමක් ලෙස තැනීමට එහි කොන්ත්‍රාත් භාර චීන ඉදිකිරීම් සමාගම තීරණය කර තිබේ .
ඒ අලි මංකඩ හරහා දිවෙන මාර්ගය හේටුවෙන් අලින්ගේ සාමාන්‍ය දින චරියාවට බාධාවක් නොවන පරිද්දෙනි.
මෙය චීන සමාගමේ මූලික සැලසුම් වල අන්තර්ගත නොවූවක් බව ඒ සම්බන්ධයෙන් වාර්තාකරන ශිංහුවා මාධ්‍ය ආයතනය පෙන්වාදෙයි.
අදාල පාරිසරික ගැටළුව අවබෝධ වීමෙන් පසු අදාල සමාගම මාර්ග සංවර්ධන අධිකාරිය සමග කළ සාසාකච්ඡාවකින් පසු මෙම පියවර ගෙන ඇතිබවත් එහි සඳහන් වේ.
එය නෝවේ පරිසර ක්‍රියාධරයෙකු වන හිටපු විදේශ අමාත්‍ය එරික් සෝල්හයිම් විසින් අගයකිරීමක් සහිතව සිය ට්විටර් ගිනුමේ පළකර තිබිණි.