කොවිඩ් ආසාදිත අලෙවි නියෝජිතවරයෙකු ගමන් කළ වෙළෙඳසැල් 400ක් වසා දැමේ

December 29, 2020 at 6:47 PM

පෞද්ගලික වෙළෙඳ ආයතනයකට සම්බන්ධ අලෙවි නියෝජිතවරයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනිමත් සමග ඔහු විසින් ගම්පොළ, වැලිගල්ල, ගෙලිඔය, කොස්සින්න හා පේරාදෙණිය යන නගරවල වෙළෙඳසල් 400ක ආසන්න සංඛ්‍යාවකට පැමිණ තිබීම හේතුවෙන් එම වෙළෙඳසැල් තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ පියවර අද පියවර ගනු ලැබුවා.

මෙලෙස වසා දැමු වෙළෙඳසල් වලින් 120 ක් අයත් වන්නේ ගම්පොළ නගර සීමාවටයි.

ගම්පොළ නගර සීමාවේ පමණක් කොවිඩ් ආසාදිත පුද්ගලයින් මේ වන විට 33 දෙනෙක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.