ගතවූ දින 09 ක කාලය තුළ දිවයින පුරා සිදුවූ රිය අනතුරුවල වැඩවීමක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා. නත්තල සහ එළඹෙන අළුත් අවුරුදු උත්සව සමය ඊට හේතුවක් ලෙසටයි මෙහිදී පැහැදිළි කෙරුණේ.
ඒ අනුව ඉකුත් 20 වනදා සිට අද උදෑසන 06 න් අවසන් වූ කාලසීමාව තුළ රිය අනතුරු 527 ක් වාර්තා වී තිබෙනවා. එම රිය අනතුරුවලින් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 122 දෙදෙනෙකු පමණ බරපතල තුවාල ලැබුවා. සුළු තුවාල ලබා ඇති පුද්ගලයින් සංඛ්‍යාව 238 ක් පමණ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.