තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට පැතිර යන මාධ්‍ය වාර්තා අසත්‍ය බව අධිකරණ ඇමති අලි සබ්රි පවසනවා.
සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාල ගිණුමේද සටහනක් තබමින් ඔහු එම වාර්තා බැහැර කර ඇත.
අද දහවල් පැතිර ගිය තහවුරු නොවූ වාර්තාවකින් කියැවුනේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි සිය ඇමති ධුරයෙන් ඉවත් වීමේ ලිපිය ජනාධිපතිවරයාට බාර දුන් නමුත් එය බාරගෙන නැති බවයි.