මාවනැල්ලේ ගල් වළකින් පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 19ක් අතුරුදහන් : පොලිස්පති නියමයෙන් CID විමර්ෂණයක්

December 28, 2020 at 10:33 AM

මාවනැල්ල, දුන්ගේකන්දේ කළුගල් කැඩීමට රැගෙන ආ බව කියන පුපුරන ද්‍රව්‍ය කිලෝ 19ක් අතුරුදන් වීම සම්බන්ධව පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ නියෝග මත සී.අයි.ඩි. විමර්ශනයක් අරඹා ඇති බව ” අරුණ” පුවත්පත වාර්තා කර සිටිනවා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අන්තවාදීන්ගේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය ද මාවනැල්ල කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වීමත්, පාස්කු ප්‍රහාරයට යොදාගත් පුපුරන ද්‍රව්‍ය හා සමාන පුපුරන ද්‍රව්‍ය අතුරුදන් වීමත් යන කරුණු සම්බන්ධව මෙම විමර්ශන ඇරැඹී තිබේ.

දුල්ගේකන්දේ, ගල් කැඩීම සඳහා මාවනැල්ල, නිව්ලෑන්ඩ්වත්තේ වූ ගල්වැඩපොළක ගබඩා කර තිබූ ඇමෝනියා නයිට්‍රේට්- කිලෝග්‍රෑම් 15ක්, ඩයිනමයිට් කරල් හයක්, වෙඩි නූල් මීටර් 68ක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහනවයක් අතුරුදන්ව ඇතැයි මාවනැල්ල පොලිසියට පැමිණිලි ලැබුණේ ඉකුත් 23 වැනිදාය.

මෙයට සැක සහිත ගල්වළේම පුද්ගලයකු ගැන පොලිසියට පැමිණිලි ලැබුණද ඔහු මීට සම්බන්ධයක් නැති බව පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

ඒ අනුව මෙම පුපුරන ද්‍රව්‍ය කවුරුන් අතට පත්වූවාද යන්න සැකසහිත බැවින් පොලිස්පතිවරයාට ලද වාර්තාවක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට විමර්ශන භාර දී ඇත.

(අරුණ පුවත්පත)