වේයන්ගොඩ ප්‍රදේශයේ දී පොලිසිය විසින් සිදුකළ වෙඩි තබිමකින් පොලිසිය භාරයේ සිටි සැකකරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වේයන්ගොඩ, බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක් වයසැති නිශාන්ත කුමාරසිරි නම් පුද්ගලයෙක්.
මෙම සැකකරු විසින් පසුගිය දෙසැම්බර් 19 වෙනිදා වේයන්ගොඩ, මාලිගාතැන්න ප්‍රදේශයේ දී තියුණු ආයුධයක් උපයෝගී කර ගනිමින් පුද්ගලයෙකුගේ අත් පා වෙන්වන්නට කපා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබුණා. ඊට අමතරව මහාධිකරණය හමුවේ විභාග වෙන නඩු තුනක් ද ඔහුට එරෙහිව තිබී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.
පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මගින් සැකකරුව පසුගියදා අත්අඩංගුවට ගෙන තිබු අතර අද අලුයම මෙම සැකකරු සමග යම් මෙහෙයුමක් සඳහා නිලධාරීන් පිරිසක් වේයන්ගොඩ පොලිස් වසමේ හල්ගම්පිටිය ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී මෙම සැකකරු සිදුකළ යම් ක්‍රියාවක් හේතුවෙන් එම මෙහෙයුමට සම්බන්ධව සිටි පොලිස් රියදුරු තුවාල ලබා ඇති අතර එහිදී සෙසු නිලධාරීන් බලය පාවිච්චි කිරීම හේතුවෙන් ඔහුද තුවාල ලබා රෝහල් ගත කිරීමේදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
තුවාල ලැබූ පොලිස් රියදුරු මේ වන විට රෝහල් ගත කර සිටින බවත් සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට නියමිතව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.