ලබන වසරේ සිට විදුලි බිල අලුත් වෙයි

December 27, 2020 at 10:58 AM

විදුලි බිල්පත් SMS මාර්ගයෙන් හෝ ඊමේල් මාර්ගයෙන් විදුලි පාරිභෝගිකයා වෙත යොමු කිරීමේ වැඩපිළිවෙළක් සකස් කිරීමට විදුලි බල අමාත්‍යාංශය සූදානම් වෙමින් සිටිනවා.

දැනට මනු කියවන්නන් විසින් විදුලි බිල්පත් පිළිබඳ තොරතුරු නිවසට පැමිණ ලබා දෙයි. නව තාක්ෂණය භාවිත කරමින් සවි කරන ‘‘ස්මාට් මීටර’’ ක්‍රමය තුළින් කාර්යාලයේ සිට විදුලි බිල්පත සකස් කිරීමේ හැකියාවක් පවතින බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කර සිටින්නේ. මෙම වැඩපිළිවෙළ මගින් මනු කියවන්නන්ගේ රැකියා අහිමි වීමක් සිදුනොවන බවද ඔහු අවධාරණය කර සිටිනවා.

ලබන වසරේ සිට මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමටද අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත.