නිවසින් පළාගොස් සිටි මාකොළ ප්‍රදේශයේ පදිංචි කොරෝනා වෛරසය ආසාදිත 22 හැවිරිදි තරුණයා මාකොළ, උතුර ප්‍රදේශයේ පිහිටි නිවසක සිටියදී සොයාගෙන තිබෙනවා.
සැකකාර තරුණයා කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් සිදු කළ PCR පරීක්ෂණවලින් අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් නිවසේ නිරෝධායනයට ලක්කර සිටි බවයි පොලිසිය සඳහන් කළේ.
ඔහු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් පසුවයි නිවසින් පළාගොස් තිබුණා.
මෙම තරුණයා මත්කුඩුවලට ඇබ්බැහි වූ අයෙක් බවත් ඔහු එම වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.
මෙම ආසාදිත තරුණයා නවාතැන්ගෙන සිටි නිවසේ තවත් කාන්තාවක් සිට ඇති බවත් එම නිවසේ උඩු මහලේ එම කාන්තාවගේ දෙමව්පියන් සිට ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටිනවා. එම පුද්ගලයින් ද මේ වන විට සෞඛ්‍ය බලධාරීන් විසින් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර ස්වයං නිරෝධානය නීති උල්ලංඝනය කළ මෙම තරුණයාට එරෙහිව නිරෝධායන නීති රෙගුලාසි යටතේ ඉදිරියේදී නීති මගින් කටියුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.