නව කොරෝනා වෛරසයේ ප්‍රභේද වෙනස් වීම එංගලන්තය හෝ යුරෝපයේ පමණක් නොව එවැනි වෙනස්වීම් මෙරට දී පවා සිදුවීමේ හැකියාවක් ඇති බව වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර පවසනවා.
එවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමට හැකි ඉක්මනින් කොවිඩ් වෛරසය සමාජයෙන් තුරන් කිරීම සිදුකළ යුතු බවයි මෙහිදී විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර සිටිනවා.
“නව කොවිඩ් ප්‍රභේදය අපේ රට තුළටත් පැමිණීමේ අවදානමක් තියෙනවා. දිගින් දිගටම අපි මේ ගැන විමසිලිමත් විය යුතුයි. එංගලන්තයේ පැතිරෙන මේ ප්‍රභේදය අපේ රටට පැමිණෙනවා නම් පැමිණෙන්නේ ගුවන්තොටුපොළකින් හෝ වරායකින්. ඒ නිසා විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් අතරින් රෝගීන් හඳුනාගැනීම, ප්‍රතිකාර අවසන් වනතුරු ඔවුන්ව මනාව වෙන්කර තැබීම ඉතාම අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නියමිත පරිදි අනුගමනය කරන්න කියලයි.”