අද දිනයේ කොවිඩ් ආසාදිතයින් ගණන 500ක් : රටේ සමස්ත ආසාදිතයින් ගණන 40,000ක්

December 26, 2020 at 6:39 PM

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 40,282 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 500ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිමත් සමගයි.

අද වාර්තා වූ මෙම කොවිඩ් ආසාදිතයින් ගෙන් 448 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණ පොකුරේ පෙර ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු 48 දෙනා බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් වේ.

මේ වන විට මෙරට සුවය ලබා ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 32,051ක් වන අතර රෝහල් ගතව සිටින ආසාදිතයින් ගණන 8,045ක් වනවා.