බස්නාහිර පළාත් සීමාවේ බෙන්තර දී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී පාසල් සිසුවෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් අතර ඔහුගේ පියා කළුතර දකුණ පොලිස් ස්ථානයේ සේවය කිරීම හේතුවෙන් එහි නිලධාරීන් 60 දෙනෙකු ද ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කෙරිණ.
සිසුවාගේ පියාද ඇතුළුව පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ඒ අනුව හෙළි විය.
මේ අනුව ක්ළුතර දකුණ පොලිස් ස්ථානයේ සෙසු සියලු නිලධාරීන් අද PCRපරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.