සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂක නීතීඥ රොහාන් පල්ලේවත්ත මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජනබලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට තීන්දු කළේය.
ව්‍යාපාරිකයෙකු මෙන්ම වෘත්තියවේදී ව්‍යවසායකයෙකු ලෙසද ඒ මහතා ප්‍රකටය.
ඒ මහතා සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද පත් කිරීමට නියමිතය.
එමෙන්ම සමගි ජන බලවේගයේ විදේශ ප්‍රතිපත්ති සහ විදේශ වෙළෙඳ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ ප්‍රධානියෙකු ලෙසද ඒ මහතාට වගකීම් පැවරෙන බව විපක්ෂ නායකවරයා පවසයි.
තවද සමගි ජනබලවේගයේ වෘත්තියවේදී සංගමයේ ප්‍රධානියෙකු මෙන්ම, සමගි ජන බලවේගයේ ප්‍රධාන උපදේශකයෙකු ලෙසද ඒ මහතා ට වගකීම් පවරා ඇත.