කොරෝනා ආසාදනය වැළදෙතැයි යන බියෙන් 73 හැවිරිදි කාන්තාවක් තමන් විසින්ම සිරුරට ගිනි තබා ගෙන ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වත්තල, හුණුපිටිය, වෙඩිකන්ද පාරේ පදිංචිව සිටි දේවගේ පේඩිගේ ලයිසා (73) නමැති පස්දරු මවකි.
මෙම මවගේ මරණය සම්බන්ධයෙන් සාක්ෂි ලබා දෙමින් ඇයගේ පුත්‍රයෙක් වන 50 හැවිරිදි මංජුල කැලුම් ගුණසේකර නැමැත්තා කියා සිටියේ ” වයසක අයට කොරෝනා බෝවීම වැඩි බව අම්මා ගුවන් විදුලි ප‍්‍රවෘත්ති මගින් නිතර අසා තිබෙනවා. ඇයටත් කොරෝනා වැළඳී අපේ දරුවන්ටත් හැදේවි යන බිය නිසා ඇය ගිනි තබාගෙන තිබෙනවා.’’
මෙහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් ඔහු මෙසේ කියා සිටියා,
‘‘මියගොස් සිටින්නේ මගේ අම්මා. අම්මාට දරුවෝ පස්දෙනෙක් ඉන්නවා. අම්මා හිටියේ මං ගාවයි. මගේ ගෙදර බිරිඳ සහ දරුවෝ දෙන්නා සිටිනවා. අම්මා නිතරම ගුවන් විදුලියේ ප‍්‍රවෘත්ති අහනවා. එයා නිතරම ඒ ප‍්‍රවෘත්ති අහල ඇඟ රිදෙනවා කියනවා. එදා රාත‍්‍රී 9.00 ට විතර මම කාමරයේ සිටින විට ජනේලයෙන් දැක්කා ඡායාවක් යනවා වගේ. පසුව මා එළියට ගොස් බැලූවා. එහිදී අඩි 20 ක් 30 ක් ඈතින් ඉටිපන්දමක් දල්වනවා මා දැක්කා. මම කළුවරේ කවුද ඔතන කියලා අහනවිට ඇය ළඟට එන්න එපා කියලා අම්මා කෑගැසුවා. මට ඇත ිවූ සැකය නිසා මම එතැනට ළංවෙනකොට ගිනි තියා ගත්තා. මම එම ගින්න නිවන්නට උත්සාහ ගනිද්දී මගේ අතත් පිච්චුණා. කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ශෂන්ති‍්‍ර වසනාත් මහත්මිය විසින් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූවාය. එහිදී ඉදිරිපත් වූ සාක්‍ෂි සහ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්‍ෂිකා ඉරේෂා දේශානි සමරවීර මහත්මිය මෙම මරණය සිය ශරීරයට ගිනි තබාගෙන සිදුකර ගත් සියදිවි නසාගැනීමක් බවට නිගමනය කළාය. ඇයට කොරෝනා වැළඳි නැතැයි ද මෙහිදී අනාවරණය විය.
(දිවයින පුවත්පත)