කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කිරීමට පොලිස්පති ගෙන් උපදෙස්

December 24, 2020 at 6:43 PM

දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කරන ලෙස පොලිස්පති චන්දන වික්‍රමරත්න විසින් අදාළ පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ එම උපදෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට, සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා යවා ඇති බවයි.

නත්තල් දින දේව මෙහෙයන් පැවැත්වීම හේතුවෙන් දිවයිනේ සියලුම කතෝලික පල්ලි, අනෙකුත් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට අද දින සවස පොලිස්පතිතුමා විසින් විශේෂ නියෝගයක් නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියේ.