කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය දින 20ක් වයසැති බිලිඳාගේ මව්පියන් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවට

December 24, 2020 at 10:36 AM

කොවිඩ් -19 වෛරසය ආසාදනයෙන් මියගිය දින 20 ක් වයසැති ළදරුවාගේ දෙමව්පියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. ඒ තම බිලිඳා රෝහල්ගත කිරීමේ සිට මළ සිරුර බැහැර කිරීම දක්වා සියලු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලමින්.

පෙත්සම්කරුවන් වන මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆාහිම් සහ ෆාතිනා ෂෆ්නාස් ගොනු කළ මෙම පෙත්සමෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්,  රිජ්වේ ආර්යාව රෝහලේ අධ්‍යක්ෂ, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, අමාත්‍යාංශ ලේකම් ඇතුළු  තවත් කිහිප දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

තම අලුත උපන් දරුවා සඳහා කොවිඩ් -19 වෛරසය වැළදී ඇති බව පැහැදිලි කිරීම සඳහා කිසිදු ලේඛණමය සාක්ෂියක් තමන්ට ලබා දී නොමැති බව පෙත්සම්කරුවන් දෙදෙනා පවසා සිටි.