කොරෝනා පැණියට ආයුර්වේද කොමසාරිස් දුන් සහතිකය ධම්මික බණ්ඩාර ප්‍රතික්ෂේප කරයි (VIDEO)

December 24, 2020 at 9:17 AM

කෑගල්ලේ ධම්මික බණ්ඩාර නම් පුද්ගලයා විසින් කොවිඩ් වෛරසය මර්ධනය කිරීම සඳහා සුදුසු නිපදවු ඖෂධය සඳහා ආයුර්වේද කොමසාරිස්වරයා විසින් නිකුත් කළ අනුමැතිය භාර ගැනීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ එම ඖෂධය ප්‍රතිශක්තිකරණ ඖෂධයක් යැයි නිකුත් කර තිබීම හේතුවෙන්.

මෙහිදී අදහස් දැක්වූ ධම්මික බණ්ඩාර කියා සිටියේ තමන් ගෙන් අවස්ථා කිහිපයකදී ඖෂධ බෝතල් රැගෙන ගියා අර පරීක්ෂණයට මේ පරීක්ෂණයට කියලා. නමුත් කොරෝනාව පරදන්න හදපු මේ ඖෂධයට ඇයි මේ විදිහට ක්‍රියා කරන්නේ කියලා මට තාම තේරෙන්නේ නැහැ. මට මේ සහතිකය වැඩක් නැහැ. මම හිතෙනවා ආයුර්වේද ඖෂධයක් විදිහට මෙය ලියාපදිංචි කිරීමේ සහතිකය මට දෙයි කියලා, ආයුර්වේද කොමසාරිස්වරයා නිකුත් කළ සහතිකය ප්‍රතික්ෂේප කරමින් ඔහු කියා සිටියා.

VIDEO :

https://fb.watch/2zObnEsxw1/